කඳාන ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසල රැඳී සිටිමින් එහි සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ 15 හැවිරිදි සිසුවකු කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර සිසුවා කඳාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන අයෙක් බවයි වාර්තා වන්නේ.
එම සිසුවා ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වී සිටින අයෙක් බව පොලිසිය පවසන අතර ඔහුට මෙම මත්ද්‍රව්‍ය ලබා දෙන ජාවාරම්කරු සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




