නිවසේ සිට වැඩ කිරීමේ සංකල්පයට සමානව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් සියලුම රාජ්‍ය සියළුම රාජ්‍ය සේවාවන් විමධ්‍යගත කිරීමේ කාලෝචිත අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමෙන් තවදුරටත් විමධ්‍යගත කළ හැකි අතර එමගින් ඔවුන්ගේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීමට හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දීම, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් සියලුම රාජ්‍ය සේවා විමධ්‍යගත කිරීම සහ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ඊයේ (15) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරු වල පසු අස්වනු හානිය 40%ක් පමණ වන අතර ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවත් අස්වනු බෙදාහැරීමේදී අතරමැදියන් අවම කිරීම තුළින් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමේ හැකියාව පවතින බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මේ අතර සූර්‍ය බල ශක්ති උත්පාදනය කෙරෙහි අවධානය යොමු කරමින් පවතින විදුලි අර්බුදයට පිළියම් යෙදීම සඳහා ආයතනික මට්ටමින් ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




