ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තියට අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වූ විට ඒ සඳහා පුද්ගලයකු නම් කිරීමට හිමිකම් ඇත්තේ මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනා වල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ ජාතික ලැයිස්තුවේ නම් සඳහන් පුද්ගලයකුට පමණක් බවයි.
ඒ අනුව ධම්මික පෙරේරා මහතාගේ නාමය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිය මහා මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයක නාමයෝජනා පත්‍ර වල හෝ හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත් ව නොතිබූ බැවින් එම පත් කිරීම පත්කිරීම ව්‍යවස්ථා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.
අදාල පෙත්සමේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ධම්මික පෙරේරා මහතා වැවිලි,විදුලි බල උත්පාදනය, බලපත්‍රලාභී වාණිජ බැංකු, මූල්‍ය සමාගම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන් බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම හේතුවෙන් දැඩි පක්ෂග්‍රාහී බවක් නිර්මාණය වීමට හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




