ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැවති දෙවන එක්දින තරගය නැරඹීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 28 වන වියේ පසුවන සිසුන් වන අතර සිසුවියක් ද ඒ අතර වනවා.
ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ බීමත්ව පැමිණි පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලීසිය උත්සාහ ගැනීමේදී එම පිරිස අතර සිටි කිහිප දෙනෙකු රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය සිදුකිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සැකකරුවන් අද (17) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




