ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා තම රජයේ පූර්ණ සහය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ප්‍රකාශ කළා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවති දකුණු කොරියානු ජනාධිපති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුන් සුක් යෙයොල් මහතාට සුභාෂිංශන එක් කළ අතර වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දකුණු කොරියානු රජයේ සහය තවදුරටත් අපේක්ෂා කරන බව පවසා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




