ලීටර 6600 ක ඉන්ධන බවුසරයකින් ඉන්ධන සැපයිය හැක්කේ වාහන 220කට පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව පෝලිමේ රැඳී සිටින සියලු දෙනාටම එකවර ඉන්ධන ලබා දීමට නොහැකි බැවින් ඉන්ධන පිරවුම්හල අසල නිකරුණේ කාලය ගත නොකරන ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඊයේ (16) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එක් දිනකට පිරවුම්හලක් වෙත යැවීමට හැක්කේ ලීටර 6600 ක එක් ඉන්ධන බවුසරයක් පමණක් බවත් පිරවුම්හල අසල යම් කලබලකාරී තත්ත්වයක් වාර්තා වුවහොත් එම ඉන්ධන ප්‍රමාණය ද ලබා නොදීමට කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




