ළඟම ඇති පාසලේ සේවය කිරීමට ගුරුවරුන්ට අවස්ථාව


 ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ගුරුවරුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලික සේවා අනුයුක්ත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් එම්.එන්.රණසිංහ මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ හරහා එකම පළාත තුළ ඇති ජාතික පාසල් අතර සහ ජාතික පාසල් හා පළාත් පාසල් අතර ගුරුවරුන් අනුයුක්ත කිරීම සඳහා අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත බලය පවරා තිබෙනවා.

මෙම සියලු අනුයුක්ත කිරීම් 2022.12.31 වනදා දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකේ විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාව මත පමණක් සිදු කළ යුතු බව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 

අනුයුක්ත කොන්දේසි,

ඉල්ලීම් කරනු ලබන ගුරුවරුන් අදාළ පාසලේ අතිරික්ත නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැත.

ඉල්ලීම් කරනු ලබන ගුරුවරුන් පාසලේ අතිරික්ත නොවේ නම්, සුදුසු අනුප්‍රාප්තිකයෙකු ලබාදීමෙන් පසුව අනුයුක්ත කිරීම සිදු කළ යුතුය.

විදුහල්පතිවරුන්ගේ එකඟතාවය මත සුහද ස්ථාන මාරුවීම් සිදුකරන ආකාරයටම එම පදනම මත සිදුකරන අනුයුක්ත කිරීම් ද සලකාබැලිය යුතුවෙයි.

ගර්භණීභාවය මත හා වෛද්‍ය නිර්දේශ මත සිදුකරනු බලන අනුයුක්ත කිරීම් අදාළ වෛද්‍ය සහතික මගින් සනාථ කරගනිමින් සිදුකළ යුතුය. (2007/20 චක්‍රලේඛයේ 3.4.II අනුව)

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් ජාතික පාසල් සම්බන්ධයෙන් සිදුකරනු ලබන අනුයුක්ත කිරීම්වල ලිපි පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත යොමු කළ යුතුය.

මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දින දක්වා පමණක් ක්‍රියාත්මක වනපරිදි සිදුකළ යුතුවෙයි.

තවද මෙම අනුයුක්ත කිරීම අදාළ පාසල වෙත ස්ථාන මාරුවක් ලැබීම සඳහා හිමිකමක් නොවන අතර එම අනුයුක්ත කාලසීමාවේදී ගුරුවරුන්ගේ වැටුප් නිත්‍ය සේවා ස්ථානයෙන් ගෙවිය යුතුය. 

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ළඟම ඇති පාසලේ සේවය කිරීමට ගුරුවරුන්ට අවස්ථාව
ළඟම ඇති පාසලේ සේවය කිරීමට ගුරුවරුන්ට අවස්ථාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHLsy-tkCXSoGJGfCxMPvZSL9ZHrJXuACTbPqKfR3mwp78BvSIP99nS0H0W1TCKjBZBWl-cus-4BlLOv11Lo0-mANegvIHQndD6mmAVT5GDbl3K4tvl0LwskJpFQlJfTAtqt2c3BUGggWdUwrOOVoHGjo4R936-wTj3sYVtCmGRxSESzUsDKXGPANb/s16000/BA6A5D6F-A254-4608-9FC2-587161540F62.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHLsy-tkCXSoGJGfCxMPvZSL9ZHrJXuACTbPqKfR3mwp78BvSIP99nS0H0W1TCKjBZBWl-cus-4BlLOv11Lo0-mANegvIHQndD6mmAVT5GDbl3K4tvl0LwskJpFQlJfTAtqt2c3BUGggWdUwrOOVoHGjo4R936-wTj3sYVtCmGRxSESzUsDKXGPANb/s72-c/BA6A5D6F-A254-4608-9FC2-587161540F62.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/06/17-_01941447783.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/06/17-_01941447783.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content