ලබන වසර සඳහා අවශ්‍ය පාසල් නිල ඇදුම්වලින් 90%ක් චීන ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පාසලේ නිලඇදුම් අවශ්‍යතාවයෙන් 50% ක් ලබාදීමට චීනය මීට පෙර එකඟ වී ඇති අතර පවතින ආර්ථික තත්ත්වය මත එය සියයට අනූව දක්වා වැඩි කරන ලෙස සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස චීනය මෙලෙස එකඟත්වය පළ කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
ඒ අනුව අමුද්‍රව්‍ය වල පවතින හිඟතාව මත ලබන වසර සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් රෙදි ලබා ගැනීමට හැකි වන්නේ 10%ක් පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




