පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (16) පිටකොටුව සහ මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් මිලියන 18 ක් සහ විදෙස් මුදල් සමග පුද්ගලයින් සිව් දෙනෙක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 18.69 ක් සහ ඉන්දීය රුපියල්, කුවේට් ඩිනාර් ,
කටාර් රියාල්, සිංගප්පූරු ඩොලර් සහ ඇමරිකානු ඩොලර් 432,502ක මුදලක් සොයා ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස දීර්ඝ කාලයක් තිස්සේ උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරම් කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 25-51 අතර පසුවන මාලිගාවත්ත, මෝදර කොටහේන සහ අලුත්කඩේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම පිරිස වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි උණ්ඩියල් කරන බව මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
ඒ අනුව ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය වෙත භාරදී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




