කොළඹ නෙළුම් කුළුණෙහි 'පදනම' සහ ' ටවර් හවුස්' යන ස්ථානවලට අයත් කොටස් බදු හෝ කුලී පදනම මත ලබා දීමට නෙළුම් කුළුණ කළමණාකරන පෞද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව කුලුනෙහි බිම් මහලේ පිහිටි ස්මාරක අලෙවිසලක්, භෝජනාගාර 03ක් හා ප්‍රදර්ශන ගැලරිය ද පළමු මහලේ පිහිටි ඩිජිටල් බැංකුකරණ ඒකක 05ක්, E- ක්‍රීඩා වේදිකාවක්, කෝපි හල් තුනක්, නවෝත්පාදන මධ්‍යස්ථාන තුනක්,7D සිනමාහලක් හා ඩිජිටල් කෞතුකාගාරයක් ද , දෙවන මහලේ පිහිටි උත්සව ශාලාවක්, ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් ශාලාවක් ද මෙලෙස බදු හෝ කුලී පදනම යටතේ ලබා දීමට අපේක්ෂා කරයි.
මීට අමතරව ටවර් හවුස් කොටසට අයත් උත්සව ශාලාවක්, අවන්හලක් හා පස්වන මහලේ පිහිටා ඇති කැරකෙන අවන්හලක් බදු දීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව අදාල කොටස් බදු හෝ කුලී පදනම මත ලබා ගැනීමට අපේක්ෂා කරන අය සිටීනම් ලබන 30 වනදා පස්වරු 3.00දක්වා ඉල්ලුම් කළ හැකි බව නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




