අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ යුනිට් 02 කොටස ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රිය කිරීමට කටයුතු කළා.
ඒ අනුව මෙගා වොට් මෙගා වොට් 300 ක ධාරිතාවකින් යුත් එම කොටස දින 80ක් සඳහා මෙලෙස ක්‍රියා විරහිත කර තිබෙනවා.
වසර දෙකක් තිස්සේ ප්‍රමාද වූ නඩත්තු කටයුත්තක් සඳහා බලාගාරය මෙලෙස අක්‍රිය කර ඇති අතර දැනට සිදුකරන විදුලි කප්පාදුව වැඩිකිරීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කෙසේ වෙතත් විදුලි ඉංජිනේරු සංගමයේ සාමාජික එරංග කුඩා හේවා මහතා කියා සිටියේ,
"වසර දෙකකින් ප්‍රමාද වූ නඩත්තු කටයුත්තක් තමයි මේ සිදුකරන්නේ. පද්ධතියට 45%ක වගේ ප්‍රමාණයක් ගල්අඟුරුවලින් විදුලිය ජනනය කරනවා. ඒ අනුව අඩුවන 15% ජනනය කරන්න හැකියාව ලැබෙන්නේ ජල විදුලියෙන් යම් ප්‍රමාණයක් සහ ඉන්ධනවලින්.""මේ වනවිට දැවිතෙල් සහ ඩීසල් ලැබීමේ අඩුවක් තිබෙන නිසා අපිට විශ්වාසයක් නැහැ. කොහොම වුණත් අපි උත්සාහ කරනවා පැය 3යි විනාඩි 20ක කාලයකින්වත් මේ විදුලි කප්පාදුව පවත්වාගෙන යන්න."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




