අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට හැර අනෙකුත් ප්‍රදේශවලට සෙනසුරාදා (18) රාත්‍රී 11.00 සිට ඉරිදා (19) පස්වරු 3.00 දක්වා ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
කොළඹ 04 ප්‍රදේශය සඳහා අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




