නෝර්වේ ඔස්ලෝ නුවර ඊයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර මීටර 100 ඉසව්ව තත්පර 10.16 කින් නිමා කරමින් ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පස්වන ස්ථානය ලබා ගත්තා.
මේ අතර ඩයමන්ඩ් ලීග් තරගාවලියකට සහභාගී වූ එකම ශ්‍රි ලංකිකයා යුපුන් අබේකෝන් වීම විශේෂත්වයක්.
මෙම තරග ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 200 රන් පදක්කම්ලාභියා වන කැනඩාවේ ඇන්ඩ්‍රෙඩි ග්‍රේස්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක අකානි සිම්බිනේ සහ බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද සහභාගී වී සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





