පසුගිය දින කිහිපයේ සිදුවූ ඝාතන රැල්ල පිටුපස මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් සිව්දෙනෙකු සිටින බවට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව අහංගම සහ තංගල්ල ඇතුළු දකුණු පළාතේ සිදු වූ වෙඩි තැබීම් සියල්ලම මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන මිදිගම හරක් කටා නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු කර ඇති බව වාර්ථාවනවා.
පොලීසිය පවසන්නේ එලෙස මිය ගොස් ඇත්තේ ඔහුගේ මත්කුඩු ජාවාරම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු වල සාක්ෂිකරුවන් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




