මෙම මස 9 සහ 10 දෙදින තුළ කොළඹ කොටුව සහ තලංගම යන පොලිස් බල ප්‍රදේශවල විරෝධතාවයේ නිරත වෙමින් කලහාකාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කළ පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම,පොදු දේපල විෂයෙහිලා සිදු කරන වැරදි සිදුකිරීම ආදී වැරදි වලට සැකකරුවන් ලෙස රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න ඇතුළු පුද්ගලයින් 09 දෙනෙක් සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






