සැමියා රැකියාවක් සොයා ගිය අතරතුර මාස නවයක් වයසැති තම බිළිඳාට විෂ ද්‍රව්‍යයක් පොවා මව නිවසින් පලා ගොස් ඇත.
එම බිලිදා සහ අවුරුදු තුනක් වයසෙදි අනෙක් දරුවා නිවස තුළ හඬන ශබ්දය ඇසී අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මා පැමිණ බලන විට මේ පිළිබඳ හෙළි වී තිබෙනවා.
ත්‍රිරෝද රථයකින් අකුරැස්ස රජයේ රෝහල වෙත බිලින්දා රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙම පුවත වාර්තා වන්නේ ඇල්ගිරිය කන්දහේන ප්‍රදේශයෙන්.
මේ අතර පලාගිය මව විසින් ලියා තබන ලද ලිපියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර වැඩිමහල් දරුවාට තමා ආදරය කරන බව ඇය එහි සඳහන් කර තිබෙනවා.
22හැවිරිදි මෙම සැකකාර කාන්තාව අතර අතර ගොඩගැනීම සඳහා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මියගිය බිරිඳගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




