ගාලු මුවදොර සහ විරෝධතා පැවැත්වෙන ස්ථානවල සැරිසැරීමේ දී ජනතාවට වඩාත් කල්පනාකාරී වන ලෙස පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පසුගිය මාස දෙකකට ආසන්න කාලය තුළ ගාලුමුවදොර ඇතුළු විරෝධතා භූමි වල සිදු වූ අපරාධ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි රාශියක් ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.
ඒ අනුව යතුරු පැදි, ත්‍රීරෝද රථ, ජංගම දුරකථන සහ මුදල් සොරකම් කිරීම් රැසක් වාර්තා වී ඇති බවත් පුද්ගලයින් අතර ඇතිවන ආරවුල් සහ පහරදීම් පිළිබඳවද පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර පෙරේදා රාත්‍රියේ දී ද පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ පහර දීමකින් එක් අයෙක් රෝහල්ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයා කොටුව පොලිසිය විසින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





