ඊයේ (17) පස්වරුවේ වෙන්නප්පුව වයික්කාල වෙරළ තීරයට කුඩා දරුවෙකුගේ මෘත ශරීරයක් ගොඩ ගසා තිබෙනවා.
එහි අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර පසුගිය 15 වන දා වත්තල කදිරාන පාලම අසලදී මව විසින් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි දරුවා බවට පොලිසිය සැක පළ කරයි.
මියගිය දරුවා රතු පැහැති ටී ෂර්ට් එකක් කොටු සහිත කලිසමක් සහ පාවහන් යුවළක් පැලඳ සිටින බව වාර්තා වනවා.
මේ අතර අත්අඩංගුවට පත් සැකකාර මව මෙම මස තිස් වන දා දක්වා වන දා දක්වා රක්ෂිත වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) නියෝග කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




