පසුගිය මැයි මස 09 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි දාමය සිද්ධිදාමය අතරතුර මීගමුව ඇවෙන්රා ගාඩ්න් හෝටලයට පහරදී ගිනි තැබූ අවස්ථාවේ එහි තිබූ දේපළ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් රුපියල් ලක්ෂ 70 කට ආසන්න රන් භාණ්ඩ සහ ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඒ අනුව අදාළ සැකකරු විසින් සොරා සොරා ගත් රන් භාණ්ඩ කුලියාපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකට විකුණා ඇති අතර ඒ සඳහා අතරමැදියකු ලෙස කටයුතු කළ පුද්ගලයාත් එම අලෙවිසැලේ හිමිකරුවාත් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර ඔහු විසින් සොරා ගත් ඇමරිකානු ඩොලර් 10000 ක මුදල පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මාරු කරගෙන ඇති බවද අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු කටාන කටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ඊයේ (17) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




