බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිණි මවක් සිය දරුවා ප්‍රසූත කර තිබෙනවා.
හැටන් ප්‍රදේශයේ සිට පැමිණි 26 හැවිරිදි මෙම කාන්තාව වැසිකිළියට ගිය අවස්ථාවේ ඇයට ප්‍රසූත වේදනාව හට ගෙන ඇති අතර ආගමන විගමන කාර්යාලයේ සේවයට යොදවා ඇති හමුදා නිලධාරිනියන් පිරිසක් එහි යන විටත් ඇය දරු ප්‍රසූතිය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ආරක්ෂක අංශ විසින් කඩිනමින් ඇයව කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර ඇති අතර මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




