ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි වංචාවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් .
මෙම තරුණයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිය හදාරා උපාධි අපේක්ෂාවෙන් සිටින අතරතුර අතරතුර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
හමුදා නිලධාරියෙකු වූ මියගිය තරුණයාගේ පියා ජයසිකුරු මෙහෙයුමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති ඔහුගේ මව 2015 වසරේ දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




