2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ඉසව්වේ රන්, රිදී, ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම දිනාගැනීමට ජැමෙයිකාව සමත් වුණා.
ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට මෙම වාර්තා පිහිටුවමින් ජැමෙයිකාව මීටර 100 ධාවන පථය තවමත් තමන් සතු බව ලෝකයට කියා පෑවා.
ඒ අනුව රන් පදක්කම දිනා ගත් ෂෙලී ඈන් ෆ්‍රේසර් තත්පර 10.67කින් ද රිදී පදක්කම දිනා ගත් ෂෙරීකා ජැක්සන් තත්පර 10.73කින් ද ලෝකඩ පදක්කම ඉලේන් තොම්සන් හේරා තත්පර 10.81 කින් ද තරගය නිමා කිරීමට සමත් වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.