බොරැල්ල බේස්ලයින් මාවත සිංහපුර මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක් විසින් මෝල් ගසකින් පහරදී මව ඝාතනය කර තිබෙනවා.
ඊයේ (17) දහවල් 38 හැවිරිදි සැකකාරිය විසින් 65 හැවිරිදි සිය මවගේ හිසට අඩි තුනක් පමණ උසැති මෝල් ගසකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පහර කෑමට ලක්වූ කාන්තාව බරපතල තුවාල ලබා නිවස තුළම මිය ගොස් ඇති අතර සැකකාර දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව මානසික රෝගයකට නේවාසිකව ප්‍රතිකාර ගෙන දින කිහිපයකට පෙර නිවසට පැමිණ ඇති අයෙක් බවත් ඇගේ 06 හැවිරිදි දියණියට මියගිය කාන්තාව විසින් පහර දීමට උරණ වී ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.