ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම ලබන 21 වනදා සිට ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.
එදින සිට QR සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අවසන් අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර දිවයිනට ළඟා වූ ඔක්ටේන් 95 පෙට්‍රල් නෞකාව මේ වන විට තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් ඇති අතර එම කටයුතු අවසන් වූ පසු බොහෝ දුරට හෙට දිනයේ ගොඩබෑම කටයුතු ආරම්භ කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.