රට මුහුණ දෙන වත්මන් වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට සියළු දෙනා එක් විය යුතු බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ධුරය නිසා ඇතිවී තිබෙන බැවින් දහනව වන සංශෝධනය යළි ගෙන එන බවයි.
මේ අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් බෙදා හැරීමට නියමිත අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
"මම මැයි 13 වනදා අගමැතිකම භාරගත් අවස්ථාවේදී ආර්ථිකය කඩා වැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒවා විසඳගන්න තමයි මම ක්‍රියා කරලා තියෙන්නේ. එදා විදුලිබල කප්පාදුව පැය 5යි. මම ඒක පැය 3කට අඩුකරලා තිබෙනවා. යල කන්නයට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නයට වුවමනා පොහොර තමයි අපි ලබාගන්නට ක්‍රියා කරගෙන යන්නේ. අපි කැමතියි මහ කන්නයේදී අපි ආපහු අහාරවලින් ස්වයංපෝෂිත වෙනවා නම්. "
"ඒ අරමුණ අමතක කරන්නේ නෑ. අද ගෑස් අඛණ්ඩව ලබාදෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඩීසල් ඒ වගේම අඛණ්ඩව අපි ලබාදෙනවා. පෙට්‍රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා. ඇත්තවශයෙන්ම මම ජුනි මාසයේ ප්‍රකාශ කළේ ජුලි මාසයේ සති තුනක් තමයි අපිට අමාරුම කාලය වෙන්නේ ඉන්ධන ලබාගන්න. දැන් ජුලි 21 වනදා ඉඳලා අපිට පෙට්‍රල් ලබාදෙන්න පුළුවන්. පෙට්‍රල් සඳහා ලෝක මිල අඩුවුණ නිසා ඒ මිලේ ඒ වාසිය මේ රටේ පාරිභෝගිකයින්ට ලබාදෙනවා. ඒ වගේම ගොවි ණය දැන් අහෝසි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ අක්කර දෙකහමාරක් කුඹුරු තියෙන අයට. පාසල් විවෘත කරලා තියෙනවා. ආර්ථිකය හදාගන්න IMF සමඟ සාකච්ඡා ආරම්භ කළා. මිත්‍ර රටවල් එක්ක කතාකරගෙන යනවා. මේ ආර්ථිකය කඩා වැටීමෙන් විශාල පාඩුවක් අපිට ඇතිවෙලා තියෙන්නේ. ඒවාට මුහුණදෙන්න ක්‍රියාමාර්ග අපි සකස්කරන්න තියෙනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.