පාර්ලිමේන්තුව තුළින් තෝරා පත් කරගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය හෙට (19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පවසනවා.
ඒ අනුව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය හෙට පස්වරු 6ට නුගේගොඩ ඒකනායක මාවතේ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ දී රැස්වීමට නියමිතයි.
ජනාධිපති තරගය සඳහා නාම යෝජනා භාරදී ඇති සියලුම අපේක්ෂකයන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර කර තීරණයක් ගන්නා බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.