ඉකුත් 09 ජනතා කොළඹ 05 මල් පාරේ පිහිටි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙකු එදිනම රාත්‍රියේ රටින් පලාගොස් ඇති බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ සැකකරු සමගි ජනබලවේගයේ කැළණිය ආසන සංවිධායකවරයෙකුගේ පුත්‍රයකු බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා ගාලුමෝදර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීයෙකු බවත් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදා හරිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වැටලීමට පිරිස එක්රැස් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.