ඩීසල් ප්‍රමාණවත් පරිදි ලැබෙනවානම් ඉන්ධන ගාස්තු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දිය හැකි බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
මේ අතර එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියට අනුව ඉන්ධන මිලෙහි 4% ක වෙනස්කමක් සිදු වුවහොත් පමණක් බස් ගාස්තු ද සංශෝධනය කරන බවයි.
මේ අතර ඩීසල් මිල රුපියල් 20 කින් අඩු කිරීම මත බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතුද යන්න ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.