ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමට සාපේක්ෂව පසුගිය දා සිදු කළ මිල සංශෝධනය ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
එමෙන්ම සාධාරණ පිරිවැය ජනතාවට දැනගත හැකිවන ආකාරයට ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කළා.
නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳ පොළේ සත්‍ය මිල ගණන් වලට අනුකූලව මෙරට ඉන්ධන ලීටරයක මිල තවදුරටත් අඩු විය යුතු අතර ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තමා මීට පෙර ඉදිරිපත් කරන ලද දත්ත නිවැරදි බව මහ බැංකු විසින්ද තහවුරු කර ඇති බවයි.
“ඊයේ රාත්‍රියෙදි රුපියල් 20කින් පෙට්‍රල් මිල පහල දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 150කින් පමණ අඩු කල හැකි බව. රේගු දත්ත අනුව ලංකාවට ඉංධන ආනයනය කරන සත්‍ය මිල ගණන් පදනම් කරගෙනයි මේ කරුණු හෙලි කලේ. තවමත් මෙම සත්‍ය මිල ගණන් මොනවාද යන්න ඛණිජ තෙල් අංශයේ බලධාරීන් විසින් හෙලි කර නැහැ. රටේ ආර්ථිකයට දැඩිව බලපාන ඉංධන මිල තීරණය කිරීම සදහා පාරදෘශ්‍ය ක්‍රමයක් තිබිය යුතු ය. වත්මන් ලෝක වෙළද පොල මිල ගණන් අනුව ඊයේ රාත්‍රියේ කල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. ඊයේ පල වු තවත් පුවත්පත් වාර්තාවක් මගින් මා විසින් ඉංධන මිල සම්බන්ධයෙන් ඉදිරිපත් කල දත්ත තවදුරටත් තහවුරු කර තිබෙනවා. වත්මන් වෙළදපෙල දත්ත වලට අනුව සහ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉංධන ආනයනය සදහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉංධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100කින් පමණ පහල දැමි ය හැකිය. සාධාරණ වියදම් මත පදනම් වු කාටත් දැනගත හැකි සරළ ක්‍රමයකට ඉංධන මිල තිරණය කල යුතු ය. ඒ් වගේම නිසි කාල රාමුවක් පදනම් කරගත් වෙළද පොල අක්‍රමිකතා ඇති නොවන ආකාරයට ඉංධන මිල සුත්‍රය ක්‍රියාවට නැගිය යුතු යි. නිසි කාල රාමුවකින් තොරව වෙනත් අරමුණු පදනම්කරගෙන ඉංධන මිල තීරණය නොකල යුතු ය”
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.