පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස පත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා අතර ඇතිකරගත් ගිවිසුමට අනුව මෙය සිදුකරන බවයි.
මේ අතර ඩලස් අලහප්පෙරුම මහතාට ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම සඳහා ප්‍රමාණවත් සහයෝගයක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට සහාය පළ කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට නාමයෝජනා දුන් අතර ජී.එල්. පීරිස් මහතාගේ සහය ඇතිව තවත් කණ්ඩායමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඩලස් අලහප්පෙරුම මහතාට නාමයෝජනා දී ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බෙදීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ අතැර ජනාධිපතිවරණයට තරග කරන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දැක්වීමට පක්ෂ සාමාජිකයන්ට නිදහස ඇති බව සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.