අවුරුදු 04 යි මාස 11ක් වයසැති සිය කුඩා දියණියට වද හිංසා කිරීම සම්බන්ධයෙන් පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 28 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම දැරියගේ මිත්තණිය විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත සිදු කළ පැමිණිල්ලක් මත සැකකරු ඊයේ (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර ඇති ආරවුල් හේතුවෙන් මීට මාස පහකට පමණ පෙර දැරියගේ මව විදෙස්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
එතැන් පටන් මිත්තණිය භාරයේ සිටි කුඩා දැරිය මීට මාස දෙකකට පමණ පෙර සැකකරු විසින් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර පසුව දැරියට වද හිංසා සිදු කර ඒවා පටිගත කර සිය බිරිඳට යවා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.