අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිත කරන බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එහෙත් ඡන්ද ක්‍රමයට නොයා ඒකමතිකව තීරණය කර ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා සිදු කළ හැකි අවසන් බලපෑමත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
"විශේෂයෙන් ඩලස් අලහප්පෙරුම මහත්තයා සහ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මැතිතුමන්ලා තුන්දෙනාම සාකච්ඡා කරලා, මේ ප්‍රශ්නය සටනකට යන්නේ නැතිව බේරගන්න පුළුවන් තැනකට මේක ගේන්න කියලා. එක්කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා වෙලා දෙවැනි කෙනා අගමැති වෙලා අනෙක් අය ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට ආවොත් මේ ප්‍රශ්නය ඡන්දයකින් තොරව බේරගන්න පුළුවන් තැනකට ගේන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් යම් එකඟතාවයකට එන්න ඕනේ කියන කාරණය. අපි කියන්නේ පාර්ලිමේන්තුව තුළ තවදුරටත් ඡන්ද පෙට්ටි තියලා කරන දේශපාලනය නවත්වන්න කියන කාරණය. එහෙම නොවෙනවා නම් අපි ඡන්දය නොදී වර්ජනය කරනවා කියන කාරණය තමා අපි කිව්වේ. ඒ හැර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඡන්දය නොදී ඉන්නවා කියන කාරණය නෙමෙයි. අපි ඒ සඳහා කරන්න පුළුවන් අවසාන බලපෑම අපි කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලන්නේ යම්කිසි විදියකට මේ සියලුදෙනා එක්ක සාකච්ඡා කරලා, එක තීන්දුවකට එන්න. අපි අනිවාර්යයෙන්ම ඡන්දය පාවිච්චි කරනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.