මාස ගණනාවකට පසුව මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන ඊයේ (18) 62ක් ලෙස වාර්තාවුණා.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමත් සමග ලංකාව තුල ද දෛනික ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව පවතින තත්වය හමුවේ කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් කඩිනමින් ඒ සඳහා යොමුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා.
"එන්නත්කරණය නැවත යථාතත්ත්වයට පත්කර ගත්තේ නැත්නම්, ඉදිරියේ දී මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවුණොත් ඉතාමත් අවධානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. මේ වෙලාවේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම 20ට වැඩි සෑම කෙනෙක්ම වර්ධක මාත්‍රාවක් ලබාගන්න කියලා නියම කරලා තියෙනවා. මෙතෙක් නොගෙන තිබෙනවා නම් හැකි ඉක්මනින් එම පළමු වර්ධක මාත්‍රාව ලබාගත යුතුයි. ලංකාවේ 20ට වැඩි ජනගහණය මිලියන 14.4ක් නමුත් තවම වර්ධක මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ මිලියන 8ක් පමණයි. තවම පළමු වර්ධක මාත්‍රාවවත් මිලියන 6ක් පමණ ලබාගෙන නෑ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.