වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින වෙනස්කර තිබෙනවා.
ඒ අනුව ජූලි 21 වන දා සිට QR ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන ලබා ගත හැකි දින මෙසේයි.
0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා
මෙම ඉන්ධන කෝටා ක්‍රමය යටතේ ලබන 21 වනදා සිට දිවයින පුරා ඉන්ධන බෙදා හරින බව පෙර ප්‍රකාශ කළ ද ජාතික ඉන්ධන අවසරපත්‍ර නියමු ව්‍යාපෘතිය 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂා කිරීමට නියමිතයි.
අනතුරුව ජූලි 25 වනදා සිට
දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ අතර අද දිනය වන විට පුද්ගලයින් මිලියන දෙකක් QR කේත ක්‍රමය සඳහා සාර්ථකව ලියාපදිංචි වී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.