පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් කාන්තාව ජාඇල ප්‍රදේශයේ පදිංචි 49 වියේ පසුවන අයෙක් වන අතර අනෙක් පුද්ගලයන් ගහල සහ ගිනිගත්හේන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 27 යන වයස් වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.
මෙහිදී නීති විරෝධී මත්පැන් ලීටර 326ක් , මත්පැන් පෙරීම සඳහා යොදාගත් ගෝඩා ලීටර 805ක් , තඹ දඟර 12ක් සහ යකඩ බැරල් 30ක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.