අද (20) පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එය සාර්ථක කර ගැනීම සඳහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බව කතානායකවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
මීට අමතරව රහස් ඡන්ද විමසීමේ තේරීම්භාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මහලේකම් මහලේකම් ධම්මික දසනායක මහතා විසින් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා පත්කර පත්කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව සියළු මාර්ගෝපදේශ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මේ අතර ඡන්ද විමසීම සිදු කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කතානායකවරයා විසින් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.