ඡන්ද ප්‍රතිඵල (12.25 pm)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තුව රහත් ඡන්ද විමසීම අද පෙරවරුවේ පැවැත්වුණා.
ඒ අනුව
රනිල් වික්‍රමසිංහ 134
ඩලස් අලහප්පෙරුම 82
අනුර කුමාර දිසානායක 03
ප්‍රකාශිත මුළු ඡන්ද 223
අප්‍රකාශිත ඡන්ද 02
වලංගු ඡන්ද 219
ප්‍රතික්ෂේපිත ඡන්ද 04
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි (11.50 am)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද ගණන් කිරීමේ කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළා.
අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන අය තරඟ වැදුණා.
ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි (10.17 am)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු රහස් ඡන්දය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
ඡන්දය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.