ඩලස් දිනවන්න ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය


ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ මන්ත්‍රීවරුන් 16 දෙනා අද දිනයේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ,

"ඩලස් අලහප්පෙරුමගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමු! 225 පිළිබඳව තිබෙන අඳුරු ආකල්පය නැති කරමු!
සර්වපාක්ෂික ජාතික එකඟතාවකට එළැඹී මිතුදමින් - සමගියෙන් ඉදිරියට යන රටක් නිර්මාණය කිරීමේ පින්කමට අත ගසමු!
-සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතින් ජානිපෙ නායක විමල් වීරවංශ ඉල්ලයි

තම පක්ෂය ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ මන්ත්‍රීවරු 16දෙනා හෙට(20) දිනයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව පවසන ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටින්නේ ඩලස් අලහප්පෙරුම මහතාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙන ලෙසත් එමගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 පිළිබඳ තිබෙන අඳුරු ආකල්පය නැති කරමින්, සර්වපාක්ෂික ජාතික එකඟතාවකට එළැඹී මිතුදමින් - සමගියෙන් ඉදිරියට යන රටක් නිර්මාණය කිරීමේ පින්කමට අත ගසන ලෙසත්ය.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ අද(19) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ස්වාධීන පක්ෂ එකමුතුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමට සිදුව ඇති එක්තරා ඓතිහාසික අවස්ථාවක එම ජනාධිපතිවරණ අපේක්ෂකයන් නාමයෝජනා භාර දීමෙන් අනතුරුව රටේ සෑම තීරණාත්මක අවස්ථාවකදීම රටට මග පෙන්වපු අපේ පක්ෂ එකමුතුව සහ ඊට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙසයි අප මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනු ලබන්නේ. අපේ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රේමනාත් දොලවත්ත හා උද්දික ප්‍රේමරත්න යන මන්ත්‍රීතුමන්ලා අසනීප තත්ත්වය මත අද මෙම මාධ්‍ය හමුවට සහභාගී වන්නේ නැහැ. හෙට දින ඡන්ද විමසීමට ඔවුන් සහභාගි වෙනවා. ඒ වගේම අපේ ස්ථාවරයේම සිටින ජාතික කොංග්‍රසයේ නායක අතාවුල්ලා මැතිතුමා ඔවුන්ගේ පක්ෂයේ මේ වන විට පැවැත්වෙන දේශපාලන මණ්ඩලය රැස්වීම හේතුවෙන් මෙම ස්ථානයට මෙතෙක් සහභාගි වී නැහැ.

'මුළු රටම හරිමගට'

පසුගිය මාර්තු 02 වැනිදා අපේ පක්ෂ එකමුතුව 'මුළු රටම හරි මගට' නමින් වැඩපිළිවෙළක් රට හමුවේ තබමින් රට පත්ව ඇති අර්බුදකාරී තත්වයේ බරපතලකම රට හමුවේ තැබූ අයුරු ඔබට මතක ඇති. එම අර්බුදයේ බරපතලකම තේරුම් නොගෙන කටයුතු කළ එවකට මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වන අපේ විවේචනය එදා අප ප්‍රසිද්ධියේ පවසනු ලැබුවා. එම විවේචනය ප්‍රසිද්ධියේ සිදු නොකර බැරි තත්වයක් ඒ වනවිට උද්ගතව තිබුණා. එම ආණ්ඩුව අභ්‍යන්තර තුළ තත්ත්වය යහපත් අතට ගන්න අප සිදුකළ සෑම පරිශ්‍රමයක්ම නිශ්ඵල වී තිබුණා. ඒ නිසා අපේ වගකීම වූයේ සැබෑ තත්ත්වය ජනතාවට නොසඟවා පැවසීමයි. අපි ඒ ජනතා වගකීම ඉටු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මා සහ උදය ගම්මන්පිල ඇමැතිවරයා ඇමති තනතුරුවලින් ඉවත් කළා. ඉන්පසු අප දිගින් දිගටම මේ භයානක ආර්ථික අර්බුදය පිළිබඳව ජනතාව හමුවේ කරුණු දැක්වූවා. ඉන් මිදීම පිළිබඳව අපේ ස්ථාවරය රට හමුවේ තැබුවා.

'සත පහකට වැඩක් නැති වැඩක්'

එහිදී අප ඉදිරිපත් කළ අදහස තමයි 'මේ ආර්ථික අර්බුදය විසින් දරුණු දේශපාලන අර්බුදයක් නිර්මාණය කරනවා. එය වළකා ගැනීම සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍යයි' යන්න. අපි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියා මිස සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියා නොවෙයි. සමහරු එදා සර්වපාක්ෂික සමුළු කැඳවන්න කිව්වා. ඉතින් සර්වපාක්ෂික සමුළු කැඳවූවා. නමුත් ඉන් සතපහක වැඩක් වුණේ නැහැ. මේ අර්බුදයට මුහුණදීම සඳහා අත්‍යවශ්‍යම දේ තමයි මහජන විශ්වාසය. මහජන විශ්වාසය දිනාගැනීමට බැරිනම් ලෝකයේ සිටින හොඳම ආර්ථික විශේෂඥයා ගෙනැවිත් පුටුවක වාඩි කළත් වැඩක් වෙන්නේ නැහැ. 'මහජන විශ්වාසය ලබාගත හැක්කේ සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටුවීමෙන් පමණයි' කියන එක අපි 2022 අප්‍රේල් 08 වැනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලිඛිතව ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනුවයි. මේ අපගේ ස්ථාවරය ඊට පෙර සිටම අපි වාචිකව රට හමුවේ තබා තිබුණා. නමුත් ඒ අදහස පිළිගත යුතු අය විසින් එය බැහැර කරනු ලැබුවා. එම අදහසේ වටිනාකම නිසි පරිදි වටහා ගත්තේ නැහැ. මෙවැනි අදහසක් ඉදිරිපත් කරන්නේ කොතරම් දුර දැකලා ද, කියා ඒක තේරුම් ගැනීමට ඒ අයට හැකියාවක් තිබුණේ නැහැ.

ඒ නිසා ඊට පසුව පිහිටුවනු ලැබුවේ මහජන විශ්වාසය පුබුදුවාලිය හැකි පාලනතන්ත්‍රයක් නොවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඇවිල්ලා පැරණි ආකාරයේම කැබිනට් මණ්ඩලයක් හැදුවට මහජන විශ්වාසය ඇති වන්නේ නැහැ. ඉන් සිදු වුණේ 'ගෝඨා ගෝ හෝම්' යනුවෙන් පැවසූ ජනතා ක්‍රියාකාරිත්වයෙන් ද එම පාලනතන්ත්‍රයට විරෝධයක් එල්ල වීම පමණයි. අපට ප්‍රශ්නයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පසුගිය දිනවල වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ ආකාරය පිළිබඳව පමණක් නොවෙයි. අපට ප්‍රශ්නයක් තිබෙන්නේ එතුමා මෙම අර්බුදයේ නිර්මාපකයෙක් නිසයි. එතුමාගේ නායකත්වය යටතේ පැවති යහපාලන ආණ්ඩුව සමයේ එතෙක් ගෙවීමට තිබුණු සමස්ත ණය ප්‍රමාණය වූ ඩොලර් බිලියන 15ට ආසන්න ණය ප්‍රමාණයක් එම අවුරුදු හතරහමාර තුළ ගෙන තිබුණා. එනම් ඩොලර් බිලියන 13ක්. එම ඩොලර් බිලියන 13න් විශාල ප්‍රමාණයක් ගෙන තිබුණේ ඩොලර් වෙළඳපොළෙන් 6%- 8% වැනි අධික පොලියකට. එම ණය කෙටිකාලීනව ගෙවීමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 07ක වාර්ෂික ණය වාරිකයක් ගෙවීමට සිදු වීමට ප්‍රධාන හේතුව මෙසේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ ගත්තු විශාල ණය ප්‍රමාණය.

ලෙඩක් හදපු කෙනෙක් දොස්තර කෙනෙක් වෙන්න විදිහක් නැහැ. නමුත් අපි ඒ 'දොස්තර' දිහාත් ධනාත්මකව බලා සිටියා. නිකම් බලා සිටියේ නැහැ. අවශ්‍ය බලපෑම කළා. විශේෂයෙන් රුසියාව සමග මිත්‍ර සම්බන්ධතා දැඩි කරගෙන තෙල් මිලදී ගැනීමේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න කියා බලපෑම් කළා. බලශක්ති ඇමතිවරයා ඒ අවස්ථාවේ අපේ කණ්ඩායමට අභියෝගයක් කළා 'ඔයාලා ඒක කරලා පෙන්වන්න' කියා. අපි දැනටමත් ඒ සඳහා ක්‍රියාත්මක පියවර ගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි සති කිහිපයකදී ඒ පිළිබඳව ගිවිසුම් අත්සන් කළ හැකි වාතාවරණයක් සැකසේවි, කියා.

'බ්ලඩ් බාත් එකක්' හැදීම

අපිට වුවමනා වුණේ මේ අර්බුදය වැඩෙන්න හැරලා ඒකෙන් 'බ්ලඩ් බාත් එකක්' හදලා පටු අරමුණු සපුරා ගන්න නොවෙයි. මේ අර්බුදය දිහා එවැනි අරමුණකින් බලන පිරිසකුත් ඉන්නවා. 'බ්ලඩ් බාත් එකක්' හදලා, එමගින් ශ්‍රී ලංකා රාජ්‍යය සම්පූර්ණයෙන්ම කඩාබිඳවට්ටලා එම කඩාබිඳවැට්ටීම තමන්ගේ ජයග්‍රහණය ලෙස සලකන, හිතාගන්නවත් බැරි නරුම මානසිකත්වයකින් යුතුව සිටින පිරිස් ඉන්නවා. නමුත් අපි හිතනවා, මේ රටේ මහජනතාව ඉල්ලන්නේ ඒක නොවෙයි කියා. මහජනතාව ඉල්ලන්නේ, 'මේ අර්බුදකාරි අවස්ථාවේ හොරා නොකන, වගකීම් සහගතව කටයුතු කරන, අපේ දුක තේරෙන සර්වපාක්ෂික එකඟතාවක් ඇතිකර ගනිල්ලා' කියන එකයි. ඒ ඉල්ලීම තමයි අපි 2022 අප්‍රේල් 8 වැනිදාට පෙර සිටම රටේ නායකයාටත්, අනිකුත් වගකිවයුත්තන්ටත් ඉදිරිපත් කළේ. එදා අපේ යෝජනාවට නිසි වටිනාකම දුන්නා නම් සමහරුන්ට අදටත් ඔවුන්ගේ තනතුරුවල රැඳී ඉන්න ඉඩකඩ විවර වීමට ඉඩ තිබුණා. කෙසේ නමුත් අද යළිත් හැරිලා ඇවිත් තිබෙන්නේ එතැනටයි.

සජිත්ට ස්තූතියි

අද පාර්ලිමේන්තුවේදී ඉතා වැදගත් දෙයක් සිදුවුණා. ඒ තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කිරීම. ඒක බොහෝදෙනෙක් අපේක්ෂා කළ තත්ත්වයක් නොවෙයි. ඒ තත්ත්වය උදාකර ගැනීමට කැප වීමට අපටත් අවස්ථාව ලැබුණා. අපි පළමුව සජිත් ප්‍රේමදාස මහතාට අපේ ස්තූතිය පළ කරනවා, තමන් පෞද්ගලිකව ජනාධිපති ධුරයට පත් වීමට වඩා මෙම තත්ත්වය විසින් ඉල්ලා සිටින හැසිරීම ලබාදීමට මූලික වශයෙන් කැපවීම පිළිබඳව. ඒ වගේම ඩලස් අලහප්පෙරුම මහතාගේ නාමයෝජනාව ස්ථිර කරනු ලැබුවේ පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින්. එය අනපේක්ෂිත යෝජනා කිරීම සහ ස්ථිර කිරීම විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යම් මන්ත්‍රීවරයකු තීන්දු කර සිටියානම් ඔහු ඒ පිළිබඳව යළි සිතා බැලීමට පෙළඹීමේ තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඒක ඉතා වැදගත් දෙයක්. අපි බලාපොරොත්තුව සිටි දෙයක්. 'ඩලස් අලහප්පෙරුම' හෙට පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වන විට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ඉන්පසුව පිහිටුවනු ලබන සර්වපාක්ෂික පාලනයේ ඊළග බලවත් තනතුරක ඉන්නවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න සෑම පක්ෂයක්ම ඒ ආණ්ඩුව තුළ නියෝජනය වෙනවා.

'ජවිපෙන් කරන ඉල්ලීම'

අපි ජනතා විමුක්ති පෙරමුණෙනුත් ඉල්ලනවා, 'ඔබ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණාට කමක් නැහැ. නිහාල් ගලප්පත්ති මහතා එදා ඉල්ලා අස් වූ ආකාරයට යම් එකඟතාවක් ඇති කරගෙන ඉල්ලා අස්වීමට පුළුවන්. එවැනි පියවරකට යන්න' කියා. 'තමන් පමණයි පිරිසුදු, අනෙක් හැමෝම අපිරිසුදුයි කියමින් තමන්ගේ පිරිසිදුකම තමන්ම කියාගන්න ක්‍රමවලට යන්නෙ නැතිව එන්න මේ සර්වපාක්ෂික එකමුතුව තුළ ඔබේ වර්ණයත්, ලකුණත්, උවමනාවත් අදහසුත් එකතු කරන්න' කියා අපි ඉතාම ඕනෑකමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කරනවා. මේක එහෙම වෙන්න ඕනෑ වෙලාවක්. මේක අපි අපේ පාට කණ්ණාඩිවලින් බලලා, බෙදිලා දිනන්න පුළුවන් තරගයක් නෙවෙයි. මේ රටට මීට වඩා වෙන්න ලොකු විපතක් නැහැ. මේ වගේ වෙලාවක අපි සමගි වුණොත් විතරයි ජනතාව අපට වෙලාව දෙන්නේ. එහෙම වුණොත් විතරයි මේ රට යළි ගොඩගැනීමට පුළුවන් වෙන්නේ.

ගැටුම්වලින් ඉදිරියට යන රටක් වෙනුවට...
'
මන්ත්‍රීවරුනි, අපි අතර තිබෙන මතවාදී, ආකල්පමය වෙනස්කම් අතීතයට පවරලා, දැන් අපි එකමුතු වෙමු. ජනාධිපතිවරයා බවට ඩලස් අලහප්පෙරුම මහතා පත්කරගෙන, දැනටමත් නිර්මාණය වෙමින් තිබෙන සර්වපාක්ෂික පාලනයට ඉඩ හරිමු. ඒ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙමු. ඔබ අනාරක්ෂිත මනසක සිටිනවා වෙන්න පුළුවන්. එම අනාරක්ෂිත මනස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉතාම සූක්ෂ්ම විදිහට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගනිමින් සිටිනවා. ඔබේ පමණක් නොවෙයි මේ රටේ කෝටි දෙකකට ආසන්න ජනතාවගේ අනාරක්ෂිත හැඟීම්, මනෝභාවයන් නැතිවෙන පාලනයක් තමයි මේ පිහිටුවන්නේ.' කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම ගාලුමුවදොර සිටින අරගලකරුවන්ගේ අභිලාෂයන්ට ඇහුම්කන් දෙන, ඔවුන්ගේ අදහස් ද සැලකිල්ලට භාජනය කරන පාලනයක් තමයි මේ පිහිටුවන්නේ. ගැටුම්වලින් ඉදිරියට යන රටක් වෙනුවට මිතුදමින් - සමගියෙන් ඉදිරියට යන රටක් තමයි මෙමගින් නිර්මාණය වන්නේ.

පින්කමට අතගහන්න

ඒ නිසා ඒ පින්කමට අතගහන්න. හෙට කැළණි පන්සල වැඳගත්තා කියලා හිතාගෙන, මේ පින්කමට අත ගැහුවොත් උපන්දා සිට කරපු පව් සමහරවිට නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බුද්ධිමත්ව කල්පනා කරන්න. 225 ගැන තිබෙන අඳුරු ආකල්පය නැති කළ හැකි දවසක් හෙට. සර්වපාක්ෂික ජාතික එකඟතාවක් ඇති වන දවස හෙට. එය වෙනුවෙන් උපරිම දායකත්වය දෙන්න. අපේ පක්ෂ එකමුතුවේ සිටින මන්ත්‍රීවරුන් 16දෙනා හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්. අපි දන්නවා ඔහුගේ ජයග්‍රහණය නියතයි. සමහරු ගණන් කියනවා, නමුත් අපි දන්නවා ලැබෙන ඇත්ත ගාණ. එදා ඉදන්ම අපි කිව්වේ, 'ඩලස්ට ඉදිරි පුටුව දෙමු' කියලා. එදා නම් කීවේ අගමැති පුටුව. ඒක නොදීමේ හේතුව නිසාම ජනාධිපති පුටුව ලැබීම දක්වා ඉදිරියට ඇවිත් තිබෙනවා. මේක තමයි දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න පුළුවන් එකම ක්‍රමය. ඒ එකම ක්‍රමය දිනවලා, ඒ පින්කමට දායක වූ පින්වන්තයෙක් බවට පත්වෙන්න, කියා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා."

මෙම මාධ්‍ය හමුවේදී විජයධරණී ජාතික සභාව වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022.07.19 See less 

-උපුටා ගැනීම අවසන්-

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඩලස් දිනවන්න ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය
ඩලස් දිනවන්න ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGrsUq8Q3JJ_SbtYcHMxueQ47CxjjEHCBlvT4MtwAyFJDI8SzrN48FnFPOUH_XpgucAMOlFjQzdE_0tojv3wuWPDe3M7a3mvJ7AZuUHyogJ5xDGTcIqqWyX1df_OtetGrt9b5tA_exB8eJHddOdnMt7EN6ZnkqpwVIKtMKt5GUF2ONisBP1X6fxaz9/s16000/E234A851-ECC1-47C9-9F56-CEC145002D5C.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGrsUq8Q3JJ_SbtYcHMxueQ47CxjjEHCBlvT4MtwAyFJDI8SzrN48FnFPOUH_XpgucAMOlFjQzdE_0tojv3wuWPDe3M7a3mvJ7AZuUHyogJ5xDGTcIqqWyX1df_OtetGrt9b5tA_exB8eJHddOdnMt7EN6ZnkqpwVIKtMKt5GUF2ONisBP1X6fxaz9/s72-c/E234A851-ECC1-47C9-9F56-CEC145002D5C.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/07/20-_0398713528.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/07/20-_0398713528.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content