අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දය විමසීමේ දී වැඩබලන ජනාධිපති වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.
සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.