ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ (06) පස්වරුවේ තනිව නිවසින් පිටතට ගිය අවුරුදු 04ක් වයසැති දරුවෙකු මෙලෙස රැගෙන ගොස් අත්පා ගැට ගසා පොහොර උරයක දමා ගැට ගසා තිබියදී සොයාගෙන ඇත.
සොයාගැනීමෙන් අනතුරුව කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දරුවාගේ නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් ඇති ලඳු කැලෑවක තිබියදී දරුවා සිටි පොහොර උරය හමුවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන්ගේ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.
දරුවා පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




