අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවක් මත ස්ථාපිත කෙරුණු, ජාතික සභාවේ දෙවන රැස්වීම ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එහිදී පත් කළ අනු කමිටු අද (07) රැස්වීමට නියමිතව තිබෙනවා.
‘ජාතික සභාවේ’ පළමු රැස්වීමේදී පත්කිරීමට තීරණය කෙරුනු අනු කමිටු දෙක සඳහා සාමාජික මන්ත්‍රීවරුන් පත්කිරීම එහිදී සිදු කෙරුණු අතර, ‘කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමටත්, ‘ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටත්, මෙම අනු කමිටු දෙක පත් කර ඇති බව සඳහන්.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, රිසාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලි චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්. රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාන් අලස්, නසීර් අහමඩ්, ඒ. එල්. එම්. අතාඋල්ලා යන මැති ඇමතිවරුන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




