මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව සමග සමීප සබඳතා පැවැත්වූ ජනප්‍රිය නිළි සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මියක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
එහිදී විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල ඇතුළු නිලධාරීන් විසින් ඇයගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තිළිණි ප්‍රියමාලි සමඟ තිබූ සමීප සබඳතාව, ඇයට ලබාදී තිබු මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් විසින් සේමිණි ඉද්දමල්ගොඩගෙන් විමසා ඇති අතර ඇය විසින් ගනුදෙනු සහ හඬ පට ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




