වැලිවේරිය පොලිසියේ නිලධාරියෙකු යටකර මරා දමා පළාගොස් දින තුනක් තිස්සේ සැඟව සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරු ඊයේ (01) මල්වතුහිරිපිටිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු සුනිල් කනම්වල නැමැති පොල්ගහවෙල පදිංචිකරුවෙක්.
අනතුරත් සමඟ බියට පත්ව තමා පළා ගිය බවත් තමා එම අවස්ථාවේදී බීමත්ව නොසිටි බවත් ඔහු පොලීස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.
පසුගිය 29 වෙනිදා රාත්‍රී 8.30ට පමණ ගම්පහ කිරිදිවැල මාර්ගයේ මල්කැලේ ප්‍රදේශයේදී බස් රථය පොලිස් නිලධාරියා ගමන්කරමින් සිටි යතුරු පැදියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි 57 හැවිරිදි පොලිස් සැරයන් ආනන්ද පෙරේරා මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මල්වතුහිරිපිටියේ විලිඹුල පදිංචිකරුවෙක් වන ඔහු සේවය නිමවී පොලිස් යතුරු පැදියෙන් සිය නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




