නොවැම්බර් 01වැනිදා සිට බලාත්මක වන පරිදි ආනයනික රස කැවිලි,චොකලට් ,සුවඳ විලවුන් ,බිස්කට් සහ කේක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





