ලේඛනවල පවතින පරස්පරතයෙක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පවසයි.
මේ අතර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වූ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබෙනවා.
ඒ අනුව එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට පත්කළ ත්‍රීපුද්ගල කමිටුව හමුවේ දසුන් ශානක විසින් ප්‍රකාශයක් ලබාදී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙන් ද ඊයේ (08) පස්වරුවේ ප්‍රකාශයක් ලබා දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




