කහටගස්දිගිලිය රත්මල්ගහ වැව මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පස් මස් ගැබිනි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය කිරිඉබ්බෑව ප්‍රදේශයේ පදිංචි එමෙන් පාතීමා නැමැති 29 හැවිරිදි කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලය සේවයේ නියුතු ගුරුවරියක්.
ඊයේ පස්වරු 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




