ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ජනතාවගේ උද්‍යෝගය හා මිත්‍රත්වය රටට ළඟා වූ මොහොතේ සිට, දැඩි ලෙස දැනෙන්නට වූ බව ඔහු එහිදී පැවසීය. චීන රජය හා ජනතාව ලබා දුන් වගකීම භාර ගනිමින් දූතයෙකු ශ්‍රී ලංකාවට පැමිණ ගෞරව පූර්වකව මෙම වැදගත් වගකීම භාර ගන්නා බව ඔහු කියා සිටී.
චීනය හා ශ්‍රී ලංකාව අතර මිතුදමට දිගු ඉතිහාසයක් තිබේ. දෙරට, පාරම්පරික මිතුදම උපාය මාර්ගික හවුල්කාරීත්වයක් බවට පත්ව ඇත. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමෙන් පසු, විශේෂයෙන්ම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2014 වසරේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසු දෙරටේ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගිතා අතින් කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තිබේ. එමෙන්ම දෙරට ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවල දී සමීප ලෙස සංවාද පවත්වා ඇත. දෙරටේ අඛණ්ඩ මිතුදම තුළින් උපාය මාර්ගික විශ්වාසය ක්‍රමයෙන් වැඩි වී ඇත. මේ වසරේ වසංගතයට එරෙහි ඒකාබද්ධ සටනේදී දෙරටේ සබඳතාව යළි ඉහළ මට්ටමට පැමිණ ඇත.




