
බස්නාහිර පලාතට නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබියදී ප්‍රබල දේශපාලකයෙකුගේ පුතෙකුගේ විවාහයක් අද කොළඹ රාමාඩා හෝටලයේ පැවති අතර පොලීසිය විසින් නවතා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහානා මහතා පැවසීය.
විවාහ උත්සවය සඳහා අමුත්තන් 35 කට ආසන්න පිරිසක් එක්රැස් වූ බව වාර්තා වේ. බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් විවාහ මංගල්‍යය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පනවා තිබියදී විවාහ මංගල්‍ය හා අවමංගල්‍ය කටයුතු ඇතුළු සියලුම පොදු කටයුතු තහනම් කර ඇති බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.



