මුදල් සොරකම් කළ බවට චෝදනා කරමින් හොරණ, මිල්ලනිය ගංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ශ්‍රිලාල් නෝනිස් මහතා සඳහන් කළේ, මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු ද ඇතුළත් කණ්ඩායමක් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය, පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (08) පස්වරුවේ නියෝග කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




