සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ට අයදුම්පත් කැඳවීමේ කාලය නොවැම්බර් මස 25 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
එම විභාගය සඳහා 2019, 2020, 2021 හා 2022 යන වර්ෂවල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට පමණක් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සියලූම අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තමන් ඉගෙනුම ලැබූ පාසලේ විදුල්හල්පති මගින් පමණක් බවත් අයදුම්කරුවන්ට පෞද්ගලිකව මෙම විභාගයට ඉදිරිපත් විය නොහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන අතර මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංකයට දැනුම්දිය හැකියි.
ඍජු දුරකථන අංක - 1911
0112 786 616 / 0112 784 537 / 0112 784 208
ෆැක්ස් - 0112 784 422
පොදු දුරකථන අංක - 0112 786 200 / 0112 784 201 / 0112 785 202
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




